ගුවන්තොටුපල රේගුව විශේෂ පරීක්ෂණයක් අරඹයි

ගුවන්තොටුපල රේගුව විශේෂ පරීක්ෂණයක් අරඹයි

May 21, 2017   10:54 am



ගුවන් මඟින් සිදුකරන විවිධ ජාවාරම් සඳහා ගුවන් යානාවල සේවය කරන කාර්යය මණ්ඩලය සහයෝගය ලබාදෙන්නේ ද යන්න පිළිබදව සොයා බැලීම සඳහා ගුවන්තොටුපල රේගුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපල රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේ පසුගියදා රත්‍රං කිලෝග්‍රෑම් හයයි දශම පහක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළි වු තොරතුරු මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයක සිටි සේවකයෙකු සතුව තිබී එම රත්‍රං තොගය සොයාගත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 35කට අධික බව සඳහන්ය.

ඒ අනුව අදාළ ජාවාරම පිළිබඳව ගුවන්තොටුපල රේගුව අදාළ ගුවන් සමාගමේ සහය සහිතව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.