පාර්ලිමේන්තු ක‍්‍රමය ශක්තිමත් කරන හැටි අගමැති කියයි

පාර්ලිමේන්තු ක‍්‍රමය ශක්තිමත් කරන හැටි අගමැති කියයි

April 25, 2017   09:21 pm

මෙරට පාර්ලිමේන්තු ක‍්‍රමය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග රැසක් ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ආසියා ශාන්තිකර තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙලට එක් වෙමින් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

සාමුහික හා සමාකාමි සමාජයක් ප‍්‍රවර්ධනය කිරීමට සහ අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වන සිය කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමේ අරමුණින් මෙම සමාරම්භක උළෙල කථානායකවරයාගේ සහ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) ආරම්භ වුයේ ය.