යකඩ යකාට 1ක් බිලි

යකඩ යකාට 1ක් බිලි

April 21, 2017   08:57 am



මාතර, වල්ගම - උදාර මාවත අසළදී දුම්රියට පැන තරුණයෙකු සියදිවි හානිකර ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ මන්දගාමී දුම්රියට පැන අදාළ තරුණයා සියදිවි හානිකරගෙන ඇති බවයි.

මියගොස් ඇත්තේ මොරවක ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) සිදු කිරීමට නියමිත අතර මාතර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.