වෙළෙඳසැල් 850ට නඩු

වෙළෙඳසැල් 850ට නඩු

April 20, 2017   09:07 am



උත්සව සමයේ සිදුකළ වැටලීම්වලින් වෙළෙඳසැල් 850ට නඩු පවරා ඇති බව පාරිභෝගික  කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

අප්‍රේල් මස පළමු වන දින සිට දිවයින පුරා මෙම වැටලීම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.

එහිදී වෙළෙඳසැල් 1130ක් පරීක්ෂාවට ලක් කළ බව පාරිභෝගික  කටයතු පිළිබඳ අධිකාරිය පවසයි.

වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩ සැඟවීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම් සිදුකර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම විද්‍යුත් උපකරණ සඳහා වගකීම් සහතික නිකුත් නොකළ වෙළෙඳසැල්වලට එරෙහිව ද නඩු පැවරීමට පියවර ගෙන ඇති බව  පාරිභෝගික  කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

ඉදිරි දින කිහිපය තුළද අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික  කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.