ජනපතිගේ මතයට විරුද්ධ වන විදේශ අැමති ධුරයෙන් ඉවත් කළ යුතුයි

ජනපතිගේ මතයට විරුද්ධ වන විදේශ අැමති ධුරයෙන් ඉවත් කළ යුතුයි

March 20, 2017   09:53 pm


ජනාධිපතිවරයාගේ මතයට පටහැනිව කටයුතු කරන විදේශ අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.


අද(20) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වී ඇති යෝජනා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා රටට වෙනත් මතයක් ඉදිරිපත් කරන බවය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ ජිනීවා යෝජනවාට කිසිදු අයුරකින් එකඟ නොවිය යුතු බවය.