පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

March 20, 2017   02:28 pm


හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත්  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු අද(20) මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට චෝදනා එල්ල වී තිබේ.

අදාළ සිද්ධියට සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ට නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ 2015 ඔක්තෝබර් මස 09 වනදාය.