හෙරොයින් සමඟ කත මාට්ටු

හෙරොයින් සමඟ කත මාට්ටු

February 28, 2017   09:14 am



හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් කොළොන්නාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

එහිදි ඇය සතුව තිබී හෙරොයින් ග්රෑම් 37යි මිලිග්රෑම් 600ක් පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය 27 හැවිරිදි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය අද(28) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.