GMOA පළාත් මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹයි

GMOA පළාත් මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹයි

February 20, 2017   02:44 pm



රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය අද(20) බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක දෙකෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී තිබේ.

අද පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

ඌව පළාතෙන් ආරම්භ කෙරුණු එම වෘත්තීය ක්‍රියාමාර්ගය පළාත් මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කරන ලෙස බල කිරීම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බව රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.