SAITM සිසුන් ලියාපදිංචි කරන්න ආණ්ඩුව වංචනිකව උත්සාහ ගන්නවා

SAITM සිසුන් ලියාපදිංචි කරන්න ආණ්ඩුව වංචනිකව උත්සාහ ගන්නවා

January 17, 2017   04:47 pm



මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට ආණ්ඩුව වංචනිකව ගන්නා උත්සාහය නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මැදිහත් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
 
ආණ්ඩුව මේ වන විට යම් දේශපාලනික හා පුද්ගලික අවශ්‍යතා මත ඒ සඳහා කටයුතු කරමින් සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
 
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් අද (17) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් මේ අදහස් පළ කළේය.
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව සම්බන්ධයෙන් පත් කළ දස දෙනෙකුගෙන් යුත් කමිටු වාර්තාවෙන් ද අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් වෛද්‍යවරුන් ලෙස කිසිසේත් ලියාපදිංචි නොකළ යුතු බවට නිර්දේශ කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුනි.