හම්බෙගමුවේ ගංජා හේනක් වටලයි-2ක් කොටු

හම්බෙගමුවේ ගංජා හේනක් වටලයි-2ක් කොටු

October 1, 2016   11:20 am




හම්බෙගමුව, උණකන්ද ප්‍රදේශයේදී ගංජා හේනක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී අක්කර භාගයක පමණ වගා කර තිබූ ගංජා හේන පොලීස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ගිනි තබා  විනාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා හම්බෙගමුව පොලීසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.