වාහන බදු ඉවත් කරන්න  කියයි

වාහන බදු ඉවත් කරන්න කියයි

May 28, 2016   11:15 am



වාහන සඳහා වන බදු වහාම ඉවත් කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ රජය මේ වන විට සෑම භාණ්ඩයකටම පාහේ බදු ගැසීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවයි.

පසුගියදා ආනයනය කරන වාහන සඳහා ඒකක බද්දක් හඳුන්වාදීම මඟින් වාහන මිල සීඝ්‍රයෙන් ඉහළ යන බවට වාර්තා නිකුත් වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව ත්‍රීරෝද රථයේ සිට සෑම වාහනයකම මිල ඉහළ යන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වාදෙයි.