විදේශිකයා හමුවුණාලු

විදේශිකයා හමුවුණාලු

May 21, 2016   03:54 pm


අතුරුදන්ව සිටි බව කියන මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ස්කොට්ලන්ත ජාතික පෙඩ්‍රික් බ්‍රැචල් නැමැත්තා මීට ටික වේලාවකට පෙර හමුවී තිබේ.

අදාළ විදේශිකයාගේ අතුරුදන්වීම ගැන අප වෙබ් අඩවියෙන්ද පුවතක් පළ කළ අතර එම පුවත පළ වී පැය දෙක තුනක් ගතවීමට මත්තෙන් ඔහු සිටින ස්ථානය ගැන ලැබුණු ඇමතුමකට අනූව අතුරුදන්ව සිටි එම විදේශිකයා සොයා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වේ.