වෛද්‍ය කපිල වික්‍රමනායක ගේ ඇප ඉල්ලීම ගැන නියෝගය ලබන සතියේ 

වෛද්‍ය කපිල වික්‍රමනායක ගේ ඇප ඉල්ලීම ගැන නියෝගය ලබන සතියේ 

April 26, 2024   10:54 am

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයීම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 30 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (26) නියම කළේය. 

මෙම ඉල්ලීමට අදාළ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. 

එහෙත් එම නියෝගය ප්‍රකාශ කිරීම මෙම මස 30 වනදා සිදුකරන බවත් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළේය.