විදේශිකයා අතුරුදන් - තොරතුරක් දන්නේ නම් කියන්න

විදේශිකයා අතුරුදන් - තොරතුරක් දන්නේ නම් කියන්න

May 21, 2016   01:06 pm


මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ස්කොට්ලන්ත ජාතික පෙඩ්‍රික් බ්‍රැචල් නැමැති 62 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ.

ශ්‍රී ලාංකික බිරිඳක් සමග විවාහ වී සිටින මෙම ස්කොට්ලන්ත ජාතිකයා පන්නිපිටිය සෙත්සිරි ප්‍රදේශයේ නිවසක රැඳී සිට ඇති අතර පසුගිය 19 වැනිදා හයිලෙවල් මාර්ගයට ගිය අවස්ථාවේදී අතුරුදන් වී ඇති බව ඔහුගේ බිරිඳ වන සෝබා බ්‍රැචල් පැවසුවාය.

මොහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක ඇමතීමෙන් ලබාදිය හැකිය.

077 450 82 38 
077 62 94 710 
011 280 60 60