හරක් කටා ට එරෙහි නඩුවක් ගැන දුන් නියෝගය 

හරක් කටා ට එරෙහි නඩුවක් ගැන දුන් නියෝගය 

April 26, 2024   10:49 am

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. 

එදින මෙම නඩුවේ අධිකරණය මඟහැර සිටින විත්තිකරුවකුට අදාළව එම විත්තිකරුව නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම පිළිබඳ සාක්ෂි විභාගය පවත්වන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු  දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.