වර්ජනයක්...

වර්ජනයක්...

March 13, 2019  

Bookmark and Share
වැටුප් විෂමතා ඇතුළු ගැටළු මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති කිහිපයකට අයත් ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ හේතුවෙන් දිවයින පුරා පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති අද දෙරණ වාර්තාකරුවන් පැවසීය.

ඇතැම් පාසල්වල පාසලට පැමිණි දරුවන් නැවත නිවෙස් වෙත පිටත් කර හරින ආකාරය දකින්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

වැටුප් විෂමතා ඇතුළු ගැටළු මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති කිහිපයකට අයත් ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් මේ වන විට පැවැත්වෙයි.

උදෑසන 10.00 ට දිවයින පුරා නගර 20 කදී උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කෙරුණු බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.

මධ්‍යහ්න 12.00 දක්වා උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට නියමිත අතර කොළඹ දිස්ත්‍රික් උද්ඝෝෂණය නුගේගොඩ ප්‍රදේශයේ දී පැවැත්වෙයි.

ගුරු - විදුහල්පති සේවාවන්ට අයත් වෘත්තිය සමිති 30 ක් පමණ එක්ව අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කර තිබේ.

(ඡායාරූප-හිරාන් ප්‍රියංකර)