විරෝධතාවය

විරෝධතාවය

December 5, 2018  

Bookmark and Share
මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලා අද(05) පෙරවරුවේදී ඇඹිලිපිටිය නගරයේ විරෝධතාවක් පැවැත්විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව නගර සභාවන් හී ජනතා නියෝජිතයන් මෙන්ම විශාල පිරිසක් මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වී සිටිනු දක්නට හැකි විය.

ස්ථාන කිහිපයකින් ‍මෙම විරෝධතාව ආරම්භ වී තිබේ.

පිරිසක් ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපය අසලින් ජනතා අත්සන් පනස් ලක්ෂයේ පෙත්සමට අත්සන් කිරීමෙන් අනතුරුව පා ගමනින් ඇඹිලිපිටිය බස් නැවතුම්පල වෙතත් තවත් විරෝධතාකරුවන් පිරිසක් ඇඹිලිපිටිය නව නගරයේ දෙස සිටත්, තවත් පිරිසක් ඇඹිලිපිටිය මොරකැටිය හංදියේ සිටත් විරෝධතා පාගමනින් ඇඹිලිපිටිය ඔරලෝසු කණුව අසලට පැමිණෙන ලදී.

පසුව සියලු දෙනාම විරෝධතා පාගමනින් ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටි බස්නැවතුම් පල අසලට පැමිණ විරෝධතාවයේ නියෙලෙන්නට විය.

මෙහිදී විශාල වාහන තද බදයක් නගරය තුල දක්නට හැකි වූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

''ජනතා පරමාධිපත්‍යයට ඉඩදෙමු මහ මැතිවරණය වහාම පවත්වමු'' යන පාඨය මුල්කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්විය.

''රට බාරයි මහින්දට, වහා මැතිවරණයක් දෙනු, ප්‍රජාතන්ත්‍රවාදය පිහියද'' යනාධි වශයෙන් බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාවය පැවැත්විය.

මේ සඳහා මහා සංඝරත්නයද වැඩමකර සිටි අතර ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ගමගේ ඇතුලු මන්ත්‍රීවරුන්ද රැසක් සහභාගී විය.

(ඡායාරූප- ප්‍රගීත් ජානක)