මටත් ලැජ්ජයි - එදා ෆොන්සේකාට කළ දේවල්වලට - අපි පාපොච්චාරණයක් කරන්න ඕන

මටත් ලැජ්ජයි - එදා ෆොන්සේකාට කළ දේවල්වලට - අපි පාපොච්චාරණයක් කරන්න ඕන

February 17, 2016   11:39 pm





දුටුගැමුණු රජුගෙන් පසු මේ දක්වා බිහිවූ හොඳම සෙන්පතියා සරත් ෆොන්සේකා මහතා බවත්, ඔහුට පසුගිය රජය සමයේදී කළ කී දෑ ගැන තමන් ඇතුළුව සියලුදෙනා ලැජ්ජා වී පාපොච්චාරණයක් කළ යුතු  බවත්, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය  ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

එවකට සිටි දක්ෂම ජෙනරාල්ට ජම්පර් අන්ඳපු රජයක් ලෙස ඔහුගේ විශ්‍රාම වැටුප අහිමි කළ බවත්, පාර්ලිමේන්තුවට යාමට නුදුනු බවත්, ගෙයක් සාදා ගැනීමට තිබූ ඉඩම් කෑල්ලත් ගත් බවත්, අමාත්‍යවරයා පෙන්වාදෙයි.

එසේ ෆොන්සේකාට සැලකීම ගැන ලැජ්ජා වී තමන් ඇතුළු සියලුදෙනා පාපොච්චාරණයක් කළ යුතු බවද අමාත්‍යවරයා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

දැන් පිරිසක් රණවිරුවන් ගැන කියමින් කිඹුල් කඳුළු හෙළන බවත්, රණවිරුන් ගැන අමුතුවෙන් ආපු ආදරය ගැන හිතාගන්න බැරි බවත්, ඇමතිවරයා එහිදී පෙන්වාදුන්නේය.

ඡන්දේ ගැනීම සඳහා රණවිරුවන්ට වෙඩි තැබීමට  තුවක්කු ගැනීමට   එල්.ටී.ටී.ඊයට සල්ලි දුන්නේ කවුද යන්නත්, එම සල්ලිවලින් එල්.ටී.ටී.ඊය ගත් තුවක්කු මොනවාද යන්නත්, ෆොන්සේකා මහතා හෙළි කරනු ඇතැයිද හෙතෙම පැවසීය.