අමුත්තෙක්...

අමුත්තෙක්...

August 9, 2018  

Bookmark and Share
නවසිලන්ත ගුවන් හමුදාවට අයත් NEH 795 යුද ගුවන්යානාව ගුවන් බටයින් 15 දෙනෙකු සමඟ අද (09) පෙරවරු 11.32 කට මත්තල ගුවන්තොටුපොලවෙත පැමිණ තිබේ.

ඉන්දුනීසියාවේ සුල්තානා අසිස් (Sultana Aziz)ගුවන්තොටුපොළේ සිට ඩුබායි හි අල්මින් හට් ගුවන් තොටුපොල දක්වා ගමන් කරන අතර තුර කාර්යමණ්ඩල විවේකය සඳහා මෙන්ම ගුවන් යානාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් මෙම ගුවන් යානාව මත්තල ගුවන් තොටුපොල වෙත ගොඩ බවස්වා තිබේ.

මෙසේ පැමිණි ගුවන් බටයින් අද(09) දින හම්බන්තොට සැන්ග්‍රීලා හෝටලයේ විවේක ගෙන හෙට(10) වනදා පෙරවරුවේ යලි ඩුබායි බලා පිටත් වීමට නියමිත බව මත්තල ගුවන්තොටුපොළේ නිලධාරියෙකු පවසා සිටියේය.

ඡායාරූප - රාහුල් සමන්ත