සුව සැරිය.....

සුව සැරිය.....

July 22, 2018  

Bookmark and Share
(ඡායාරූප - ඔසඳ දහම් නිම්සර)

සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන පියවරේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

දෙවන පියවර ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජය මඟින් ඇමෙරිකන් ඩොලර් මිලියන 15.02ක් ලබාදී ඇති අතර ඒ යටතේ නව ගිලන් රථ ඒකක 209කට අධික ප්‍රමාණයක් යෙදවීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 1782ක් පමණ පුහුණුකර සේවයේ යෙදවීමට ද සැලසුම් කොට තිබේ.

1990 අංකයට ලැබෙන දුරකථන ඇමැතුමක් මත ක්‍රියාත්මක වන මෙම සේවාව හොඳින් පුහුණු වූ වෛද්‍ය තාක්ෂණික නිලධාරියෙකු සහිත ගිලන් රථයක් මගින් ලඟම රෝහල වෙත රෝගියා ප්‍රවාහනය කරන අනරතුර පූර්ව රෝහල් සත්කාර ද සිදු කරනු ලැබේ.

මෙහි පළමු පියවර බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍රකරගනිමින් ආරම්භ වූ අතර ගිලන් රථ 88ක් සේවයේ යොදවා ඇත. මේ සඳහා ඩොලර් මිලියන 7.55ක් ඉන්දිය රජය විසින් ප්‍රදානය කොට ඇති අතර ම සේවකයින් 800ක් සේවයෙහි යොදවා ඇත.