බස් 2ක් ගැටී 17ට තුවාලයි

බස් 2ක් ගැටී 17ට තුවාලයි

December 1, 2015   03:38 pm



ගිනිගත්හේන, දියගලදී බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

හැටන් සිට නුවර බලා ධාවනය වෙමින් පෞද්ගලික බසය නුවර සිට හැටන් බලා ධාවනය වූ ලංගම බසයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

තුවාලකරුවන් ගිනිගත්හේන, නාවල, දික්ඔය  හා වටවල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

අනතුරට හේතුව පෞද්ගලික බසයේ රියදුරුගේ නොසැලකිල්ල බව පොලීසිය සැකකරයි.




ඡායා රූ - රංජිත් රාජපක්ෂ