දුම්රිය නිවාඩු නිකේතනයේදී 2ක් වස බීලා - දෙන්නම රෝහලේ

දුම්රිය නිවාඩු නිකේතනයේදී 2ක් වස බීලා - දෙන්නම රෝහලේ

November 25, 2015   05:58 pm




අනුරාධපුර දුම්රිය ස්ථානයේ නිවාඩු නිකේතනයේ කාමරයක් තුළ වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තරුණයින් දෙදෙනෙකු සොයාගෙන තිබේ.

 එම නිවාඩු නිකේතනයේ භාරකරු විසින් ආරක්ෂක නිලධාරීන්ට කළ දැනුම්දීමකට අනුව සිදුකළ පරීක්ෂාවකදී එම තරුණයින් දෙදෙනා සොයාගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව අනුරාධපුර පොලීසිය  මේ පිළිබඳ දැනුම්වත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවු තරුණයින් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

 මොවුන් දෙදෙනා පසුගිය 22 වැනිදා සිට අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන්ගෙන සිට ඇති අතර ඔවුන් කිඹුලාපිටිය සහ බුලත්සිංහල ප්‍ර දේශවල පදිංචි 37 හැවිරිදි සහ 26 හැවිරිදි වියේ පසුවන්නන් බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.