ලක් රජයට අමෙරිකාවෙන් ප්‍රශංසා!

ලක් රජයට අමෙරිකාවෙන් ප්‍රශංසා!

November 25, 2015   12:37 pm


යුදමය ගැටුම්වලින් අනතුරුව දෙමළ ජනතාව සමග සංහිදියාවෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව අමෙරිකාව ප්‍රශංසාව පළ කර තිබේ.

 මෙරට නිල සංචාරයක නිරත වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිනි සමන්තා පවර් මහත්මිය විදෙස් මාධ්‍යයක් වෙත  අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබුණි.

 දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය නිමාවීමෙන් අනතුරුව ගත වු වසර 6ක කාලය තුළ දෙමළ ජනතාව විවිධ කරුණු හේතුවෙන් පීඩාවිඳිමින් සිටි බව ඇය පවසයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව දෙමළ ජනතාව සමග සංහිදියාවෙන් කටයුතු කිරීමට කඩිනම් පියවර රැසක් ගෙන ඇති බව  සමන්තා පවර් මහත්මිය පෙන්වා දෙයි.

විශේෂයෙන් ආරක්ෂක අංශ යටතේ පැවති ඉඩම් නැවත ජනතාවට නිදහස් කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම් සහ තහනම් කර තිබු දෙමළ සංවිධාන සහ පුද්ගලයින් එම තහනමෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකා රජය විසින් ගත් සාධනීය පියවර කිහිපයක් බව ඇය ප්‍රකාශ කර තිබේ.

රජය ගත්  මෙම පියවර දෙමළ ජනතාව තුළ පැවති පීඩාවන් දුරු කිරීමට හේතු වනු ඇති බවයි අදාළ සාකච්ඡාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිනි සමන්තා පවර් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ ඇත.