විරෝධය...

විරෝධය...

May 23, 2018  

Bookmark and Share
ත්‍රිකුණාමලය - ගෝමරන්කඩවල ප්‍රදේශයේ මැදවච්චිය විද්‍යාලයේ පවතින ගුරු හිඟය හේතුවෙන් විද්‍යාලයේ දෙමාපියන් හා දරුවන් එක්ව විරෝධතා ව්‍යාපාරයක් අද(23) උදෑසන සංවිධානය කර තිබු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම විරෝධතාවය ත්‍රිකුණාමලය - නුවර ප්‍රධාන මාර්ගයේ පැමිණ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් පැවත ඇත.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනා ගමනයටද දැඩි ලෙස බාදා එල්ලවු බව වාර්තා වෙයි.

350කට අධික සිසුන් පිරිසක් ඉගෙනුම ලබන මැදවච්චිය විද්‍යාලයට සිටින්නේ ගුරුවරුන් හතරදෙනෙකු පමණක් බව විරෝධතාකරුවන් පවසයි.

ප්‍රමාණවත් ගුරුවරුන් ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කළද තවමත් කිසිදු පිළිතුරක් ලැබී නැති බවත් විරෝධතාවය පැවති අද දිනයේද විරෝධතාකරුවන් මගහැරිය බවත් විරෝධතාකරුවන් පැවසීය.