“වඳුරෝ වගේ හැසිරෙන්න එපා - අයිසේ වාඩිවෙනවා”

“වඳුරෝ වගේ හැසිරෙන්න එපා - අයිසේ වාඩිවෙනවා”

September 3, 2015   11:41 am


පාර්ලි‍මේන්තුවේ විපක්ෂ නායක තනතුරට ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පත් කිරීම ගැන පාර්ලිමේන්තුවේ තරමක උණුසුම් කතා බහක් ඇති විය.


එහිදී විපක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පැවසුවේ කුමාර වෙල්ගම මහතා විපක්ෂනායක ලෙස පත්කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන් 56ගේ අත්සනින් ලිපියක් බාරදුන් බවයි.


එසේ තිබියදී මෙම පත් මෙම පත්කිරීමේ වලංගුතාවය ගැන ඔහු අදහස් දැක්වීය.


කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ තමන්ට එවැනි ලිපියක් ලැබී නැති බවයි.


‍එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් මහතා තෝරා‍ෙගන ඇති බවට කථානායකවරයා මතය ඉදිරිපත් කර ඇති බවයි.


එය පිළිගැනීමට සියලුදෙනා බැඳී සිටින බවත්, ඔහුගේ පත්කිරීමට දැන් විරුද්ධ වී ඵලක් නැති බවත්, ඊයේ පොළොන්නරුවට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයා සමග ඒ ගැන කතා කරන්නට තිබූ බවද හෙතෙම පෙන්වාදුන්නේය.


අගමැතිවරයා අදහස් දක්වද්දී විපක්ෂයෙන් කෑ කෝ ගැසීම් සිදුවූ අතර එහිදී අගමැතිවරයා කියා සිටියේ “වඳුරෝ වගේ හැසිරෙන්න එපා, මීට කලින් පාර්ලිමේන්තුව වගේ මේක ගෙනියන්න දෙන්න බෑ, අයිසේ වාඩිවෙනවා” යනුවෙනි.