බසයෙන් වැටී බසයටම යටවී මරුට

බසයෙන් වැටී බසයටම යටවී මරුට

July 6, 2015   04:40 pm



අවිස්සාවේල්ල ප්‍රදේශයේදී බස් රථයකින් ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ධාවනය වෙමින් තිබූ බස් රථයකින්  බැසීමට යාමේදී අදාළ පුද්ගලයා ඉන් ඇද වැටී එම බස් රථයටම යටවී ඇති බව පොලිසිය පැවසුවේය.

එහිදී බරපතළ තුවාළ ලැබූ ඔහු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.