අත ඡන්දයට අයඳුම්පත් කැඳවයි

අත ඡන්දයට අයඳුම්පත් කැඳවයි

May 27, 2015   02:29 pm



ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින්ට අයදුම්පත් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

 පසුගිය 21 වන දින සිට නිදහස් පක්ෂ මූලස්ථානයෙන් අදාළ අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ කළ බව එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියයි.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට කැමැති පුද්ගලයින්ට එම අයදුම්පත් ලබාගත හැකි බව ඔහු පෙන්වාදෙයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අයදුම්පත් භාරගැනීම ලබන මස 5 වන දිනෙන් අවසන් වන අතර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා අයදුම්පත් භාරගැනීම ලබන මස 10 වන දිනෙන් අවසන් කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියයි.