තමිල්නාඩුවෙන් ලංකාව ගැන තවත් ලිපියක් ලියයි

තමිල්නාඩුවෙන් ලංකාව ගැන තවත් ලිපියක් ලියයි

February 5, 2015   12:16 pm



ශ්‍රී  ලංකා බලධාරීන් බාරයේ පවතින ඉන්දීය ධිවර යාත්‍රා නිදහස් කර ගැනීම සඳහා මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.


තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ධීවර කටයුතු පිළිබඳ ලේකම් එස්.විජයකුමාර් විසින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ සිංහා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලිම සිදුකර ඇති බව  සඳහන්ය.


ශ්‍රී  ලංකා බලධාරීන් බාරයේ පවතින ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට කටයුතු කරන බවට පසුගිය දා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දීමක් සිදුකර තිබුණි.


ඒ අනුව ඊට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම  සඳහා මැදිහත් වන ලෙස   තමිල්නාඩු ප්‍රාන්ත රජයේ  ධිවර කටයුතු පිළිබද ලේකම් එස්.විජයකුමාර් ඉන්දීය මහ කොමසාරිස්වයාගෙන්  ඉල්ලා ඇත.