මධ්‍යම මහ පුටුව ගැන තීරණය අද

මධ්‍යම මහ පුටුව ගැන තීරණය අද

January 16, 2015   09:19 am

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලබාදීම ආණ්ඩුකාරවරයා විසින් අද තිරණය කිරීමට නියමිතව තිබේ.

පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ උපදෙස් මත බහුතරයේ සහය හිමි වන පුද්ගලයා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ප්‍රකාශයට පත්කරන බවයි.

මේ වනවිට පළාත් සභා මන්ත්‍රීවරුන් 58 දෙනාගෙන් 34 දෙනෙකු ආණ්ඩුකාරවරයාට යොමු කළ දිවුරුම් පෙත්සම් මඟින් තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාට සහය පළකර තිබේ.

එම පළාත් සභාවේ දැනට ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ සරත් ඒකනායක මහතාය.

මේ අතර සබරගමුව පළාත් සභවේ ද බලය වෙනස් වීමේ ඉඩකඩක් පවතින බව වාර්තා වේ.

පවතින තත්ත්වය මත මීළග පළාත් සභා සැසිය ලබන මස 2 දින දක්වා කල් දමා ඇත.

පළාත් සභාවේ බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 30 සහ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධුර 14 ක් හිමිව තිබේ.

ආණ්ඩු පක්ෂයේ සභා නායක ජයතිස්ස රණවීර මහතා පසුගියදා විපක්ෂයට සහය පළ කර අතර ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු විපක්ෂයට සහය පළ කිරීමට තිරණය කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ ඔහුගේ පුත් කණක හේරත් යන මහත්වරුන් ඊයේ උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරය ද පසුගිය දා ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට අහිමි වුණි.