කාශ්මීරයෙන් සිවිල් වැසියන් ඉවත්වෙයි
සයුරෙන් එතෙර

කාශ්මීරයෙන් සිවිල් වැසියන් ඉවත්වෙයි

January 6, 2015   05:19 pm

ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ වෙසෙන 1000කට අධික සිවිල් වැසියන් පිරිසක් එම ප්‍රදේශය අතහැර ගොස් තිබේ.

ඉන්දීය සහ පකීස්ථාන දේශසීමා ගැටුම් උත්සන්න වීමත් සමඟ දෙරටේ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරු සිදුව තිබුණි.

මේ හේතුවෙන් දේශ සීමාවට ආසන්න කාශ්මීර් ප්‍රාන්තයේ වෙසෙන සිවිල් වැසියන් එම ප්‍රදේශය අතහැර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවෙයි.

දෙරටේ ආරක්ෂක අංශ අතර හටගත් ගැටුම් හේතුවෙන් පසුගිය සතිය තුළ දී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබේ.