මුතුහෙට්ටිගම අත්අඩංගුවේ

මුතුහෙට්ටිගම අත්අඩංගුවේ

December 28, 2014   11:39 am

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව නියෝජ්‍ය අමත්‍යවරයා මීගමුව ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් වෙයි.

වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගිනි තැබීම, උඩප්පුවේ කඩ දෙකකට හානි කිරීම හා අත්අඩංගුවේ සිටි තිදෙනෙකු පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙනයාම යන චෝදනා මත නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් පසුගිය දින පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

එසේ වරෙන්තු ලබා සිටි නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පසුගිය 26 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පූරුව බලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඉන් අනතුරුව මාධ්‍යයට සඳහන් කළේය.

ඒ අනුව සිංගප්පුරුවට ගොස් සිටි නියෝජ්‍ය ඇමතිවරයා ලංකාවට පැමිණි බවත්, ඒ මහතාව වරෙන්තුවට අනුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසුවේය.