මුතුහෙට්ටිගේ ආරක්ෂකයින් තිදෙනාගෙන් ප්‍රශ්න කෙරේ

මුතුහෙට්ටිගේ ආරක්ෂකයින් තිදෙනාගෙන් ප්‍රශ්න කෙරේ

December 20, 2014   11:01 pm

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වදුරඹ මැතිවරණ වේදිකාවට ගිනි තැබීම, ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනෙකු පොලීසියට පැමිණ බලෙන් රැගෙන යාමට තැත් කිරීම හා උඩුගම කඩ දෙකකට හානි කිරීම යන කාරණා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ඇමති ආරක්ෂකයින් තිදෙනෙකුගෙන් මේවන විට පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

ගාල්ල පොලීසිය විසින් මෙලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

උඩුගම කඩ දෙකකට හානි කිරීමේ සිදුවීමේදී ගිනි අවි භාවිතය ගැන ද උඩුගම පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

වදුරඹ මැතිවරණ වේදිකාවට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුතුහෙට්ටිගම මහතාගේ රියදුරු ඇතුළු තිදෙනෙකු වදුරඹ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් බලහත්කාරයෙන් උසාවියට රැගෙනයාමට තැත් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇතැයි සඳහන්ය.

කෙසේ වුවද එම සැකකරුවන් තිදෙනා බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දක්වා රිමාන්ඩ් කර තිබේ.