පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොන පක්ෂයට අදිනවාද කියලා මට නම් තේරෙන්නෑ - මුතුහෙට්ටි සිංග්පපූරුවේ සිට කතාකරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොන පක්ෂයට අදිනවාද කියලා මට නම් තේරෙන්නෑ - මුතුහෙට්ටි සිංග්පපූරුවේ සිට කතාකරයි

December 26, 2014   06:19 pm

“මාධ්‍ය ප්‍රකාශකට වැඩක් නැතිනම් වැඩක් හොයලා දෙන්නම් අපි. නිශාන්ත මුතුහෙට්ටිගමට කියලා සීනිගම පොල් ගහ ගහන්න එපා කියලා මම කියන්නේ. මිරිස් ටිකක් අඹරලා පොල් ටිකක් ගහලා දෙයින්ට තමයි මම මේ කාරණේ බාර දෙන්නේ.” යැයි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.

චෝදනා කිහිපයක් මත වරෙන්තු ලබා සිටින නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ඔහු අත්අඩංගුවට නොගත්තේ මන්දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මුතුහෙට්ටිගම මහතා ප්‍රභූ පර්යන්තයෙන් පිටත්ව ගොස් ඇති බවයි.

ඔහු දිවයිනට පැමිණි පසු අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඔහු රටින් පිටවයාමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට ඒ ගැන ඇතැමුන් දුරකථන ඇමතුම් ලබාදී ඇති බවත්, ඒ ගැන පරීක්ෂණ කරන බවත්, පවසා තිබුණි.

ඒ අනූව සිංගප්පූරුව බලාපිටත්ව ගිය මුතුහෙට්ටිගම මහතා අප වාර්තාකරු සනත් පතිරණ විසින් දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඇසූ ප්‍රශ්න හා ඒවාට ඔහු ලබාදුන් පිළිතුරු පහත පරිදි දක්වා තිබේ.



ප්‍රශ්නය - ගුරු නියෝජ්‍ය ඇමතිතුමා මේවන විට කොහේද ඉන්නේ?

පිළිතුර - සිංගප්පූරුවේ.

ප්‍රශ්නය - ඔබතුමා නඩුවට සහභාගිවීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරගෙන සිටිනවාද?

පිළිතුර - මගේ ආධාරකරුවන් තුන්දෙනෙක් දැනට රිමාන්ඩ් කරලා ඉන්නවා. ඒ අයට දැනුවත් කරලා තියෙන්නේ 29 වැනිදා උදේ බද්දේගම උසාවියේ පෙනී ඉන්න කියලා. මම 29 වැනිදා උදේ අනිවාර්යයෙන්ම උසාවියේ පෙනී ඉන්නවා. නීතියට ගරු කරන කෙනෙක් විදියට. මම මිනී මරලා නෑ. හොරකම් කරලා නෑ. වංචා කරලා නෑ. දූෂණ කරලා නෑ. මට සිතාසියක් ලැබිලා නෑ. සිතාසියක් බාරදීලා නෑ කවුරුවත්. ඒ කිසිම හේතුවක් නැතිව එක එක ප්‍රකාශ කරනවා.

මාධ්‍ය ප්‍රකාශකට වැඩක් නැතිනම් වැඩක් හොයලා දෙන්නම් අපි. නිශාන්ත මුතුහෙට්ටිගමට කියලා සීනිගම පොල් ගහ ගහන්න එපා කියලා මම කියන්නේ මිරිස් ටිකක් අඹරලා පොල් ටිකක් ගහලා දෙයින්ට තමයි මම මේ කාරණේ බාර දෙන්නේ. මොකද මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ සාමාජිකයෙක් දැන්. නිල් බලකායත් එක්ක වැඩ කරනවා. කාන්තා සංවිධාන එක්කත් වැඩ කරනවා. ජනාධිපතිතුමාගේ මැතිවරණය මෙහෙයවනවා. ඊයේ දවසෙත් මම ඒ කටයුතු කරලා තමයි මම සිංගප්පූරුවට ආවේ. රෑ අටෙන් පස්සේ. ජනාධිපතිතුමාට මම වේලාවේ කරදර කරන්න බලාපොරොත්තු වෙන්නෑ. එතුමා විශාල සටනක ඉන්න වෙලාවේ.

කොහොම වුණත් මට අනවශ්‍ය විදියට කටයුතු කරන්න ආවොත් මම නීති මගින් කටයුතු කරනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිවත්. නිශාන්ත මුතුහෙට්ටිගම කවුද කියලා නොදැන තමයි එහෙම ප්‍රකාශ කරන්නේ. මම ගැන දන්න ඩී.අයි.ජී මහත්තුරු ඉන්නවා. මම බොහෝම විනය ගරුක විදියට නීති ගරුක විදියට පොලීසියත් එක්ක ගනුදෙනු කරන්නේ. මට කියලා මට්ටු කරගන්න එපා කියලා මම යෝජනා කරනවා සහකාර පොලිස් අධිකාරිවරයෙක් වුණ පලියට. බද්දේගම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් හැටියට. ඒ ආසනයේ සංවිධායකට හිරිහැර කරන්න චෝදනා කරන්න ගන්න ක්‍රියාමාර්ග ගැන මම දැඩි අප්‍රසාදය පළ කරනවා.පොලිස්පතිවරයාට මම දැනුම්දෙනවා පේන තෙක් මානයේ ඉන්නවානම්.

නිශාන්ත මුතුහෙට්ටිගම 29 වැනිදා උදේ 10ට හරි අධිකර‍ණය ඉදිරියේ පෙනී ඉඳිවී. එතනදී කඩුකාර හාමුදුරුවෝ මට සාධාරණයක් ඉටුකරයි කියලා බලාපොරොත්තු වෙනවා.මට විරුද්ධව නඩුවක් නෑ සාක්ෂියක් නෑ. බී ‍රිපෝට් එකේ නිකන් මගේ නම දාලා තියෙනවා. මට හිරිහැර කරන්න දඟලනවා.

පොලීසියෙන් කෙරෙන්න ඕන රාජකාරී නිසියාකාරව ඉටුකරන්නැතුව ඒ රැස්වීමක් තියෙන තැන පොලිස් නිලධාරීන් දෙන්නෙක් තුන්දෙනෙක් රාජකාරීයට යො‍වන්නැතුව බුදියගෙන ඉඳලා ඇහැරිච්චි ගමන් මට විරුද්ධව කටයුතු කරනවා. මගේ අප්‍රසාදයට පළ කරනවා. ගතවෙන පැයකම මගෙන් ජනාධිපතිවරයාට ඉටුවෙන්න තියෙන මෙහෙවරට තමයි මේ අය කෙළවන්න හදන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොන පක්ෂයට අදිනවා කියලා මට නම් තේරෙන්නෑ මේ මොහොතේ. මෛත්‍රිපාල සිරිසේනට දිනන්න ඉඩදෙන්නේ නෑ. මෛත්‍රිපාලට විරුද්ධව හිරගේ ඇතුළේ හිටියත් ගන්න පුළුවන් සියලූම ක්‍රියාමාර්ග ගන්නවා.

ප්‍රශ්නය - පොලීසිය ගුවන් තොටුපළේදී ඔබතුමා අත්අඩංගුවට ගන්න හැදුවානම් ඒකට හිස නමනවාද?

පිළිතුර - මම හිස නමන්නෑ පොලීසියට හිස නමන්නේ නෑ. මම හාමුදුරු‍ කෙනෙකුට වුණත් හිස නමන්නේ සිවුර දිහා බලලා. මුහුණ දිහා බලලා. පොලීසිය ආවත් එච්චරයි. පොලිස් නිලධාරීන් දහක් දෙදහක් ආවත් අත්අඩංගුවට ගන්න බෑ. මම වැරැද්දක් කරලා නෑ. නිශාන්ත මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගන්න බෑ. දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ‍අනිද්දා රෑට ගුවන් තොටුපළට ගොඩබැස්ස ගමන්.

ප්‍රශ්නය - ඔබතුමා හදිසියේ විදේශ ගතවුණේ ඇයි?

පිළිතුර - පෞද්ගලික කාරණයක් උඩ. මට හිරිහැර කරන්න පොලීසිය කරන උත්සාහය නිසා. සවස් වෙලා මම වි‍වේකයක් ගන්න ආවේ. ඒ විවේකය අරන් මම ඒ කටයුතුවලට මැදිහත් වෙනවා. ඡන්දයක් කරලා මහන්සි වෙලා ඉන්නේ.

ප්‍රශ්නය - ඔබතුමා පිල් මාරුවකට සුදානම් වෙලාද සිංගප්පූරුවට ආවේ?

පිළිතුර - මම කිසිම දවසක පිල් මාරු වෙන්නේ නෑ. බොරු ප්‍රකාශ කරන මාධ්‍ය ප්‍රකාශකට නිසි උත්තරයක් දීලා තමයි මම මාරු වෙන්නේ වෙන අය ගැණූ මාරු කරනකුට මිට පිල් මාරුකරන එක වැඩක් නෙවෙයි. මම කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නේ නෑ. මැරෙන්නෙත් මේ පක්ෂයේමයි.