මම මෙදාපාරත් ජනපති පුටුවට ඉල්ලනවා

මම මෙදාපාරත් ජනපති පුටුවට ඉල්ලනවා

November 26, 2014   02:50 pm

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනබව එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසුරිය මහතා පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ වමේ පක්ෂ එක්ව ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳ පැවති සාකච්ජා බිදවැටුණු බවයි.

විශේෂයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂයේ කණ්ඩායම් ඇතුළු වමේ විවිධ ව්‍යාපාර සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වු බව සිරිතුංග ජයසුරිය මහතා පැවසීය.

එම සාකච්ජා වලදී එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කළ බව සිරිතුංග ජයසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිතුංග ජයසූරිය මහතා 2005 ජනපති මැතිවරණ‍යට ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය.