පාලිතලා ආණ්ඩුවට යන්නේ නෑලු?

පාලිතලා ආණ්ඩුවට යන්නේ නෑලු?

November 24, 2014   12:32 pm

තමුන්ට ජනතාව විසින් ලබාදුන් වටිනා ඡන්දය මුදලට පාවානොදෙන බව එ.ජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරු පවසති.

දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතුවන බවට ඇතැම් මාධ්‍යවල මෙන්ම විශේෂයෙන්ම සමාජජාල වෙබ් අඩවිවල පුවත් දක්නට ලැබුණු බවත්, ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මන්ත්‍රීවරු දෙදෙනා අද (24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියහ.

අවනීතිය රජ කරන මෙවන් තුප්පහි ආණ්ඩුවකට මුක්කුගැසීමට තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව ඔවුහු පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළහ.