ශ්‍රී ලංකාවේ සිට චීනයට නව ගුවන් සේවයක්

ශ්‍රී ලංකාවේ සිට චීනයට නව ගුවන් සේවයක්

November 21, 2014   05:02 pm

ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් පුළුල් කිරීමේ අරමුණින් චීනයේ කුන්මිං වෙත නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ලබන මස 01 වැනි දින සිට මෙම නව ගුවන් සේවය ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

මේ වනවිටත් චීනයේ , බීජිං, ෂැංහයි, කැන්ටන් සහ හොංකොං වෙත සතියකට ගුවන් ගමන් වාර 15 ක් ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය සිදුකරනු ලබයි.

“සදාතනික වසන්තය“ යන නමින් ප්‍රචලිතව ඇති චීනයේ කුන්මිං නගරය නිරිත දිග චීනයේ යුනාන් කලාපයේ අගනුවර මෙන් ම භූමි ප්‍රමාණයෙන් විශාලතම නගරය වේ.

මෙම නගරය විශ්වවිද්‍යාල, කෞතුකාගාර, කලාගාර, සංස්කෘතික සහ අධ්‍යාපනික ආයතනවලින් සමන්විත වන අතර විවේකය සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා සුදුසුම සංචාරක ගමනාන්තයක් ලෙස කුන්මිං හඳුන්වා දිය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.