මැතිව්ස් තුන් ඉරි‍යව්වෙන් එකට එයි

මැතිව්ස් තුන් ඉරි‍යව්වෙන් එකට එයි

November 18, 2014   11:18 am

ඉන්දියාව සමඟ එක්දින තරඟාවලියට සහභාගි වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

අද අළුයම 05.30 ට පමණ යූ.එල්. 142 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

තරඟ 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ දැවැන්ත පරාජයකට ලක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.

නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඇන්ජලෝ මැතිව්ස් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 420 කි.

එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර දෙවන ස්ථානය පකිස්ථානයේ මොහොමඩ් හෆීස් හිමිකර ගෙන ඇති අතර බංග්ලාදේශයේ ශකීබ් අල්හසන් තෙවන ස්ථානයට පත්ව ඇත.

ටී.එම්. ඩිල්ෂාන් එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ පසුවෙයි.