දුම්රිය වර්ජනයට පැනවූ වාරණය ගැන තීන්දුව නොවැ 5දා

දුම්රිය වර්ජනයට පැනවූ වාරණය ගැන තීන්දුව නොවැ 5දා

October 24, 2014   12:52 pm

දුම්රිය වෘත්තීය සමිති විසින් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය වළක්වමින් නිකුත් කර ඇති වාරණ නියෝගය ඉවත් කරන්නේ ද නැද්ද යන්න ලබන මස 05 වනදා ප්‍රකාශ කරන බව කොළඹ දිසා අධිකරණය දැනුම් දී තිබේ.

වර්ජනයේ නිරත වූ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අදාළ වාරණ නියෝගයට එරෙහිව ගොනු කළ විරෝධතා සැලකිල්ලට ගත් දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය මෙම දැනුම් දීම සිදුකළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පසුගියදා දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් වැටුප් විෂමතා මුල්කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර මේ නිසා මගී ජනතාව දැඩි පීඩාවට පත්විය.