එච්.අයි.වී ගැන පොලීසියටත් පාඩමක්

එච්.අයි.වී ගැන පොලීසියටත් පාඩමක්

October 23, 2014   08:21 am

එච්.අයි.වී නිවාරණ කටයුතු පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එච්.අයි.වී ඒඩ්ස් මර්දන ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියයනගේ මහතා සඳහන් කළේ එච්.අයි.වී ආසාදනයවීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ සඳහා පොලිස් නිලධාරීන්ගේ සහය ලබා ගැනීම මෙහි අරමුණ බවයි.

දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි කර ගැනීමට නියමිතව ඇත.

ඊට අමතරව පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සඳහා ද විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

මෙම වැඩසටහන මගින් එච්.අයි.වී ආසාදනය වු පුද්ගලයින් හඳුනා ගැනීම සහ එම රෝගය වැළඳීම පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.