නේපාලයට කාලගුණය අයහපත් - 26ක් මරුට
සයුරෙන් එතෙර

නේපාලයට කාලගුණය අයහපත් - 26ක් මරුට

October 16, 2014   09:13 am

මධ්‍යම නේපාලයේ හිමාල කදුකරය ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින් අතරින් 12 දෙනෙකුම විදේශිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේය.

මියගිය පුද්ගලයින් අතර ඊශ්‍රායල, පෝලන්ත, ප්‍රංශ සහ නේපාල ජාතිකයින් වන බව සඳහන්ය.

විදේශ සංචාරකයින් අතර ජනප්‍රිය අන්නාපුර්ණ මාර්ගයේ හිමකඳු කඩාවැටීමෙන් එම ප්‍රදේශවලට ද දැඩි හානි සිදුව තිබේ.

ඇතැම් ප්‍රදේශ වල අධික වර්ෂාවත් සමඟ දැඩි නායයෑම් තත්ත්වයක්ද හටගෙන ඇත.