මුරකරුගේ මළ සිරුර පොහොර බෑගයේ

මුරකරුගේ මළ සිරුර පොහොර බෑගයේ

October 1, 2014   04:04 pm

මාතර, බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ප්‍රදේශයේ පිහිටි වලව්වක මුරකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මළ සිරුර පොහොර උරයක දමා ගැට ගසා වලව්ව අසළ දමාගොස් තිබිය දී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය පැවසුවේය.