තරඟයට ධාවනය කරන්න ගිහින්!

තරඟයට ධාවනය කරන්න ගිහින්!

September 18, 2014   10:10 am

කොළඹ සිට වවුනියාව බලා ධාවන කළ පෞද්ගලික බස් රථයක් මැදවචිචිය ඉසෙන්බැස්සගල ප‍්‍රදේශයේදි අද(18) උදැසන පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව මැදවචිචිය පොලිසිය පවසයි.

මැදවචිචිය පොලිසිය පැවසුවේ බස් රථයේ රියදුරුවරයා හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු අනතුරින් තුවාල ලබා මැදවචිචිය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

කොළඹ සිට මුලතිවි දක්වා ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී කොළඹ වවුනියාව බස් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් බස් රථය මාර්ගය අසළ බෝක්කුවක ගැටී පෙරළී ඇත.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය සඳහන් කළේය.

මැදවචිචිය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

සිද්ධිය සමිබන්ධයෙන් මැදවචිචිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අනතුර සිදුව තිබූ අයුරු -

ඡායා රූ - මාධව කුලසූරිය