කන්ටේනරයේ දෙකෝටියක හොර බඩු!

කන්ටේනරයේ දෙකෝටියක හොර බඩු!

September 16, 2014   12:40 pm

නීති විරෝධිව චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි 02 ක පමණ වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් රේගු නිවාරණ අංශය විසින් සොයා ගෙන තිබේ.

තොටලඟ රේගු අංගනයේ තිබු සැකකටයුතු කන්ටේනරයක් පරීක්ෂා කිරීමේ දී මෙම භාණ්ඩ තොගය සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.

අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.