වනජීවි නිලධාරීන්ට පහරදුන්නැයි හමුදා ලුතිනන් රිමාන්ඩ්

වනජීවි නිලධාරීන්ට පහරදුන්නැයි හමුදා ලුතිනන් රිමාන්ඩ්

September 9, 2014   12:57 pm

හොරොව්පතාන ප්‍රදේශයේ දී වනජීවි නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුධ හමුදා ලුතිනන්වරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා නියෝග කළේය.

එදිනට සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

වන අලි තර්ජන පවතින ගම්මාන වලට අලි වෙඩි බෙදා දීම සඳහා යමින් සිටි වනජීවි නිලධාරීන් පිරිසක් පසුගිය 02 වනදා හොරොව්පතාන ප්‍රදේශයේ දී පහරකෑමකට ලක්ව තිබුණි.

අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ හෙරොව්පතාන පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත යුතුව ඇති බවයි.

මේ හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.