මරුවා පොල් ගෙඩියෙන් එයි

මරුවා පොල් ගෙඩියෙන් එයි

September 1, 2014   11:12 am

මීගහතැන්න, ගෝනදුව ප්‍රදේශයේ දී පොල් ගෙඩියක් හිස මතට වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා තම ගෙවත්ත පිරිසිදු කරමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇත.

පොල් ගෙඩිය හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පැළවත්ත, ගෝනදුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මේ සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.