තරඟය ජය පරාජයෙන් තොරයි - තරඟාවලියේ ජය ද.අප්‍රිකාවටයි

තරඟය ජය පරාජයෙන් තොරයි - තරඟාවලියේ ජය ද.අප්‍රිකාවටයි

July 28, 2014   06:09 pm

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති දෙවෙනි හා අවසන් ටෙස්ට් තරඟය මීට ස්වල්ප මොහොතකට පෙර ජයපරාජයෙන් තොරව අවසන්විය.

මෙම තරඟයේ අවසන් දිනය වන අද දවස අවසන්වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 8 ක් දැවී ලකුණු 159 ක් ලබා තිබුණි.

ඒ සඳහා පන්දුවාර 111 කට මුහුණදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් කඩුළු 8ක්ද, දිල්රුවන් පෙරේරා කඩුළු 3ක්ද ලබාගැනීමට සමත්විය.

නමුත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති 1 වන ටෙස්ට් තරඟය ජයගත් දකුණු අප්‍රිකාව, 1-0 ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කර තිබේ.

මෙය ඔවුන් ශ්‍රී ලංකාවේදී පැවති ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව බැව් සඳහන්ය.

මෙම තරඟාවලියේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 421ක් ලබාගත් අතර දෙවෙනි ඉනිමේදී කඩුළු 8ට ලකුණු 229 ක් ලබාගන්නා ලදී.

ඊට පිළිතුරු දෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමේදී සියලුදෙනාම දැවී ලබාගනු ලැබුවේ ලකුණු 282ක් වන අතර දෙවෙනි ඉනිමේදී අද දවස නිමාවන විට කඩුළු 8ට ලකුණු 159 ක් ලබා ගෙන තිබුණි.