ග‍්‍රීපාද විද්‍යා පීඨයට දැඩි පොලිස් ආරක්ෂාවක්

ග‍්‍රීපාද විද්‍යා පීඨයට දැඩි පොලිස් ආරක්ෂාවක්

July 26, 2014   09:55 am

පතන ග‍්‍රීපාද විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර එම විද්‍යා පීඨය තුළදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිසුන් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ රාත‍්‍රී 7.30 ට පමණ මෙම ගැටුම හටගෙන ඇති අතර ගැටුමෙන් තුවාල ලැබු පුද්ගලයින් කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව දිඹුල පොලීසිය පවසයි.

පේ‍්‍රම සම්බන්ධතාවයක් මුල් කරගෙන ඇතිවූ මෙම ගැටුම මේ වන වීට පාලනය කර ඇති බව දිඹුල පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව ඊයේ රාත‍්‍රීයේ සිට එම විද්‍යා පීඨයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

එම විද්‍යිපීඨයේ සිංහල මාධ්‍යයෙන් 25% ක්ද දෙමළ මාධ්‍යයෙන් 75% ක්ද අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබයි.

මෙම ගැටුම පිළිබදව දිඹුල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරමිභකර තිබේ.