පිං කැටයට විද්ද 2ක් අතේ මාට්ටු

පිං කැටයට විද්ද 2ක් අතේ මාට්ටු

July 25, 2014   07:35 am

නුවරඑළිය, ලේඩිමැගලම්පාර ගයාත්‍රි කෝවිලේ වානේ පිං කැටය කඩා මුදල් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහදී අදාළ සැකකරුවන් විසින් රුපියල් 55 000ක පමණ කාසි සහ මුදල් නෝට්ටු සොරකම් කළ ඇති බව වාර්තා වෙයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම් වලදී සොරකම් කරන ලද මුදල් සහ දේපළ සොයාගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව නුවරඑළිය පොලිසිය සඳහන් කළේය.