මාසේ ඉවරවෙන්න කලින් තවත් 2200ක් ගේනවා

මාසේ ඉවරවෙන්න කලින් තවත් 2200ක් ගේනවා

July 23, 2014   08:13 pm

මධ්‍යම ගමනා ගමන මණ්ඩලය කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් ඇති බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

මධ්‍යම ගමනා ගමන මණ්ඩලයේ ඇති ප්‍රශ්න විසඳා එය ගොඩ ගැනීමට හැකි බවත්, මේ මස අවසාන වීමට පෙර තවත් වන බස් රථ 2200ක් මෙරටට ගෙන ඒමට නියමිත බවද අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවදී ඔහු සඳහන් කර සිටියේය.

නව බස් රථ ධාවනයේ යෙදවු පසු පරණ බස් රථ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බවද හෙතෙම අවධාරණය කළේය.

එසේම කොළඹ ධාවනට පමණක් තවත් නවතම බස් රථ 150ක් පමණ ධාවනයේ යෙදවීමට අදහස් කරමින් පවතින බවත්. එම බස් රථ අතරට වායුසමනය කරන ලද බස් රථද අඩංගු බවත් එහ් මහතා එහිදී සඳහන් කර සිටියේය.

එම බස් රථ තුළින් කොළඹ නගර අලංකරණය හා ජනතාවගේ පහසුව ගැන පමණක් සිතා‍ කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

මේ වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය සතුව බස් රථ 4600 - 5000 ත් අතර සංඛ්‍යාවක් පවතින බවත්, නවතම බස් රථ ධාවනයේ යෙදවු පසු පරණ බස් රථ 1000ක් පමණ ධාවනයෙන් ඉවත් කරන බවත්, ඉන් අනතුරුව ගමනා ගමන මණ්ඩලයට බස් රථ 6000ක් දක්වා ඉහළ නන්වන බවද වෙල්ගම මහතා එහිදී පෙන්වා දුන්නේය.

එසේම මෙහි සේවය කරන සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් ලබා දී නොමැති බව පිළිගත යුතු කරුණක් බවත්, එය ඉතාමත් කඩිනම්ව නිවැරදි කරන බවත්, ඒ මහතා කියා සිටියේය.

ඩිපෝවල සේවය කරන ඇතැම් සේවකයින් නිසි ලෙස රාජකාරි නොකර පඩි ඉල්ලා සිටින බවත්, ඇතැම් ඩිපෝවල කළමනාකාරවරුන් නිසි ලෙස සේවය කරනවා නම් අදාළ ඩීපෝවල වැටුප නිසි ලෙස නිසි දිනයට ලබාදිය හැකි බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.