තවත් දේශපාලනඥයෙකු බලය පෙන්නලා - තැඹිලි කඩන්න ගිහින් ගුටිකා රෝහලේ

තවත් දේශපාලනඥයෙකු බලය පෙන්නලා - තැඹිලි කඩන්න ගිහින් ගුටිකා රෝහලේ

July 22, 2014   08:42 am

බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයෙකු ඇතුළු පිරිසකගේ පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව තිබේ.

ඩී.එම්. පියසේන නැමැති 69 හැවිරිදි අංක 36/9 මැල්වත්ත, නාවල කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

ඊයේ සවස අදාළ පුද්ගලයා එම දේශපාලනඥයාට අයත් බව කියන නිවස ආසන්නයේ පිහිටි තැඹිලි ගසක ගෙඩි කැඩීමට යාමේදී ඇති වූ ආරවුලක් මෙම පහරදීමට හේතුව බව පැ‍වසේ.

ක්‍රිකට් පිත්තකින් පහර කෑ බව කියන පුද්ගලයෙකු කොළඹ රෝහලට ඇතුළත් වූ වග රෝහල් පොලීසිය විසින් වැලිකඩ පොලීසියට දැනුම්දී ඇත.

අනතුරුව හෙතෙම ඊයේ රාත්‍රී 10ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව තිබේ.

මේ පිළිබඳව කළ විමසීමකදී කොළඹ ජාතික රෝහල් පොලීසිය පැවසුවේ දේශපාලනඥයෙකු විසින් පහරදුන් බව කියන පුද්ගලයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.